Saturday, September 14, 2013

ෆිනෑන්ස් එක ගෙවන්න ඇග විකුණුවා

මම මාළු මුදලාලි කෙනෙක් ළඟ වැඩකළා.. ලොරියක් අරගෙන මාළු බිස්නස් කරන්න ඕනේ කියලා මට හිතුණා.. මගේ අතේ තිබුණු සල්ලිත් දාලා මම ”ෆිනෑන්ස්” කරලා ලොරියක් අරගත්තා.. මම හිතපුතරම් බිස්නස් සරු වුණේ නැහැ.. එන්න එන්නම බිස්නස් එක වැටුණා..

මාස පහකින් විතර ”ෆිනෑන්ස්” එක ගෙවාගන්න බැරිවුණා..

”මගේ ලොරිය ”ෆිනෑන්ස්” එකෙන් උස්සන නිසා ඒක කොහේහරි හංගන්න ඕනේ කියලා මම හිතුවා..”

”මම දන්න කෙනෙක් කළුතර හෝටලයක වැඩ කළා.. මම වැටිලා ඉන්න අමාරුව ගැන එයාට කිව්වා.. එයා කිව්වා ලොරිය හෝටලයේ හංගලා ඔයගොල්ලොත් හෝටලයේ වැඩ කරන්න එන්න කියලා.. ඊට පස්සේ මම මගේ පවුලට විස්තරේ කිව්වා.. ලොරිය නැතිවෙයි කියලා මගේ අදහසට එයත් කැමති වුණා..”

”අපේ ළමයි තුන්දෙනාව අම්මා ළඟ දාලා අපි ලොරිය අරගෙන කළුතර හෝටලයට ආවා.. අපි හෝටලයේ නැවතිලා හිටියා.. ඒ අතරතුර රස්සාවක් හෙව්වා.. ඒ හෝටලයට මිනිස්සු ගැහැනුන්ව අරගෙන එනවා..”
READ MORE--http://www.sithmira.com/article/more.php?id=99